• Manovidyathmaka Upadeshana Nyayan - මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යායන්
මනෝවිද්යාත්මක උපදේශනයේ සරල අර්ථ නම් පුද්ගල ගැටලු, මානසික අර්බුද විසඳා ගැනීමට සහය වීමත්, ගැටලු වැලැක්වීම හා පුද්ගල සංවර්ධනය ඇතිකරලීම ත් ය.මනෝ විද්යාත්මක උපදේශන විෂය උදෙසා ප්රමාණවත් සාහිත්යයක් සිංහල බසින් ලියවී නොමැති අවධියක උපදේශන න්යායන් පිළිබඳ මෙම කෘතිය උපදේශනයේ ප්රායෝගිකව නියැළෙන උපදේශකවරුන්ට මහගු පිටිවහලක් වනු ඇත. මෙම ග්රන්ථය පුද්ගල ගැටලුවලට පාදක වන හේතු සාධක මනෝ විද්යාත්මක උපදේශන න්යායන් මගින් අර්ථකථනය හා විශ්ලේෂණය කිරීම පහසු කරයි. උපදේශනය පුද්ගල ගැටලු විසඳීමෙහිලා ප්රායෝගික කරලීමේ දී උපදේශන න්යාය මත උපදේශකවරයා ගැටලුව විශ්ලේෂණය කළ යුතුව ඇත. මේ සඳහා න්යායාත්මක දැනුම මැනවින් ලබා තිබීමත් විවිධ න්යායන් මගින් පුද්ගල ගැටලු නිර්මාණය වන ආකාරය පිළිබඳවත් විවිධ ලෙස අර්ථකථනය කර ඇත.
අප රටේ උපදේශනය විෂයක් ලෙස ව්යාප්ත වීම 1960 දශකයේ ආරම්භ වුවත් ප්රථමයෙන් සුනාමි ව්යසනයත් වර්තමානයේ අප මුහුණ දෙන කොරෝනා වසංගතයත් සමග උපදේශන සේවාවේ අවශ්යතාව ශ්රී ලාංකික ජන සමාජයට දැනෙන්නට විය. එහි ප්රතිඵලයක් ලෙස විශ්වවිද්යාල වල, තෘතීය අධ්යාපන ආයතන වල උපදේශන පාඨමාලා මෙන්ම රාජ්ය සහ රාජ්ය නොවන ආයතනවල උපදේශකවරුන්ගේ ප්රායෝගික උපදේශනයේ යෙදීමද ආරම්භ වීම සිදුවිය.
ආචාර්ය සමුද්ර සෙනරත් කොළඹ විශ්වවිද්යාලයේ, අධ්යාපන පීඨයේ, අධ්යාපන මනෝ විද්යා අධ්යයනාංශයේ උපදේශන මනෝවිද්යාව සහ අධ්යාපන මනෝ විද්යාව ඉගැන්වීම පිළිබඳ ජේෂ්ඨ කතිකාචාරවරයෙකි. ඇය වසර විස්සකට වැඩි කාලයක් ප්රායෝගිකව උපදේශනය නියැලෙමින් සිටි. පේරාදෙණිය විශ්වවිද්යාලයේ මනෝ විද්යාව පිළිබඳ විශේෂ ගෞරව උපාධිය ලබා ගත් ඇය, කොළඹ විශ්වවිද්යාලයේ පශ්චාත් උපාධි අධ්යපන ඩිප්ලෝමාව හැදෑරිය. ඇයගේ විදේශීය අධ්යාපනය ලෙස එංගලන්තයේ බ්රිස්ටල් හි බටහිර විශ්වවිද්යාලයේ අධ්යාපනපති උපාධිය සහ ජර්මනියේ ලයිෆ්සිස් විශ්වවිද්යාලයේ මනෝප්රතිකාර හා උපදේශනයේ ප්රායෝගිකව යෙදෙමින් සහ ඒ පිළිබද පර්යේෂණයන්හි නිරත වෙමින් ස්වාභාවික විද්යා ගණයට අයත්ව මනෝවිද්යාව පිළිබඳව ආචාර්ය උපාධිය ගෞරව සම්මාන සාමාර්ථයක් සහිතව හිමිකර ගත්තාය
ආචාර්ය සමුද්ර සෙනරත් කතුවරිය විසින් රචිත "මනෝවිද්යාත්මක උපදේශන න්යායන්" නම් මෙම කෘතිය උපදේශනයෙහි නියැළෙන සහ උපදේශන පාඨමාලා හදාරන විද්යාර්ථීන්ගේ දැනුම සහ කුසලතා සංවර්ධනයට ඉමහත් පිටිවහලක් වනු ඇත"මනෝවිද්යාත්මක උපදේශන න්යායන්"

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Manovidyathmaka Upadeshana Nyayan - මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යායන්

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Upadeshana Manovidyawe Mulika Sankalpa - උපදේශන මනෝවිද්‍යාවේ මුලික සංකල්ප

Upadeshana Manovidyawe Mulika Sankalpa - උපදේශන මනෝවිද්‍යාවේ මුලික සංකල්ප

මානසික රෝග , ගැටලු , පවුල් ආශ්‍රිත අර්බුද , සියදිවි නසාගැනීම් , ව්‍යසනවලට ලක්වීම හා ආශ්‍රිත ගැටලු ,උ..

Rs. 480.00